27 April 2024
#දේශීය

රට වෙනුවෙන් ඕනෑම පක්ෂයක් සමඟ සන්ධානගත වීමට අපි සූදානම් – පොදුජන පෙරමුණේ මහලේකම් සාගර

රටේ අනාගතය හා තරුණ පරපුර වෙනුවෙන් වූ ප්‍රතිපත්ති මාලාවක් සමඟ ඉදිරියට යෑමට ඕනෑම පක්ෂයක් සමඟ සන්ධානගතවීමට සූදනාම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ සාගර කාරියවසම් මහතා, “එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපතිවරයා බවට පත් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය ඇතිවයි. ඒ මත අප පක්ෂ දෙක අතර කිසියම් සම්බන්ධතාවයක් ගොඩනැගී තිබෙනවා. අපේ ප්‍රතිපත්තිවලට වගේම ඔවුන්ගේ ප්‍රතිපත්තිවලට හානි නොවන අයුරින් අප දෙපාර්ශවයට රට වෙනුවෙන් එකතුවෙන්න පුළුවන්නම් අනිවාර්යයෙන් එකතුවෙනවා. එක්සත් ජාතිකපක්ෂය මේ රටේ පැරණිම දේශපාලන පක්ෂවලින් එකක්. එවැනි පක්ෂයක් සමඟ එකතුවීමත් අපිට ශක්තියක්. රටේ අනාගතය තරුණ පරපුර වෙනුවෙන් වූ ප්‍රතිපත්තිමාලාවක් සමඟ ඉදිරියට යන්න පුළුවන් ඕනෑම පක්ෂයක් සමඟ එක්ව ඉදිරියට යන්න අප සූදානම්. ප්‍රතිපත්ති රටේ හා ජනතාවගේ අවශ්‍යතා මත වෙනස් නොවුනහොත් ඒ දේශපාලන පක්ෂයකට පැවැත්මක් නෑ. අපේ පැරණිතම වාමාංශික දේශපාලන පක්ෂවලට වුණේ එයයි. අපි එවැනි තැනක නැහැ. එ.ජා.පයත් එවැනි තැනක නැතිව ඇති. රටේ යහපත වෙනුවෙන් ඒ දේ දෙපාර්ශයටම තිබෙනවා. ” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *