• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අනුරාපුර සමාධි පිළිමයට නෙලුම් මල් දෙලක්ෂයක පූජාවක්

28 May 2023
in දේශීය

අනුරාධපුර සමාධි පිළිම වහන්සේ වෙනුවෙන් නෙලුම් මල් දෙලක්ෂයක් පූජා කිරීමේ, ජාතික නෙලුම් මල් පූජා පිංකම ඓතිහාසික සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියසදී පැමිණ දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ සාධු නාද මධ්‍යයේ ඊයේ (27) සිදු කෙරිණි.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ හා අභයගිරි විහාරාධිපති ආචාර්ය කල්ලන්චියේ රතනසිරි නාහිමියන් අනුශාසන පරිදී, සිසෙත් පදනමේ ප්‍රධාන අනුශාසක පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පාලී හා බෞද්ධ අධ්‍යන අංශයේ මහාචාර්ය අග්ගමහා පන්ඩිත මුවඇටගම ඤාණානන්ද හිමියන්, සිසෙත් පදනමේ නිර්මාතෘ, සභාපති ප්‍රවීණ ගීත රචක ඉන්දික අප්පුරාළ යන මහත්වරුන් ඇතුළු සිසෙත් පදනමේ මෙහයවීමෙන් 12 වැනි වරටත් මෙම පිංකම සංවිධානය කර තිබිණි.

මෙම පිංකම සඳහා හිටපු අමාත්‍ය, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාද සහභාගී විය.

සිතින් සිත පුපුදුවමින් -දැහැමි ලොවක් ගොඩ නගමු යන තේමාව පෙරදැරිව සිසෙත් පදනම මගින් මෙම උතුම් පින්කම සංවිධානය කර තිබිණි.සුදු හා රතු නෙළුම් මල් දෙලක්ෂයක් මහ මෙවුනා උයනේ අභයගිරි මහා විහාර පුදබිමේ ඇති සමාධි ප්‍රතිමා වහන්සේ අභියස මහා මළුව සරසවමින් මේ උතුම් පින්කම සිදු කෙරිණි.

මෙම පින්කමට සමගාමීව කප්රුක් පුජාව, පහන් කපුරු සුවදුම් පුජාව, විදුලි ආලෝක පුජාව, ගිරිභණ්ඩ පුජාව, අභය දානමය පුජාව, කිරි ආහාර පුජාව, ශබ්ද පුජාව, ශාක රෝපණ පුජාව, සත්පියුම් පුජාව, ගිලන්පස පුජාව යන පින්කම් රැසක්ද සිදු කෙරිණි.

සිසෙත් පදනමේ නිර්මාතෘ හා සභාපති ගීත රචක ඉන්දික අප්පුරාල මහතා එහිදී අදහස් දක්වමින් කියා සිටියේ, මෙය ආරම්භ වුයේ දෙදාස් අට හා දෙදාස් නවය යන වසර වල නෙළුම් මල් දන්සල් පවත්වමින්. එහිදි ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලි මහා සෑරදුන් වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන්ට පූජා කිරීමට නෙළුම් මල් දන්සල් පැවැත්වුවා. පසුව දෙදාස් දහය වර්ෂයේ මිහින්තලේ අම්බස්තල චෛත්‍ය මළුව නෙළුම් මල් ලක්ෂ දෙකකින් නෙළුම් මල් හැඩයෙන් අතුරා මේ උතුම් පින්කම සිදුකළා.යුද්ධය අවසන්වි පළමු යුධ සැමරුම නිමිත්තෙන් පළමු නෙළුම් මල් පුජාව පැවැත්වු අතර එතැන් සිට මේ දක්වා අඛන්ඩව පවත්වමින් මිහින්තලා සෑමළුවේ හා සමාධි ප්‍රතිමාවහන්සේ අභියස වර්තමානය වනවිට සිදු කරනවා යැයි පැවසූහ.

මෙම පිංකම සඳහා මහා සංඝරත්නය, දිවයිනේ නන්දෙසින් පැමිණි බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 29
Previous Post

නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස පැමිණීම වැලැක්වීම සහාය වන ලෙස බ්‍රිත්‍යානය ඇමැති ටිරාන්ට කියයි

Next Post

ආණ්ඩුකාර ලලිත්ට ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී සම්මානයක්

editor

editor

Next Post

ආණ්ඩුකාර ලලිත්ට ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී සම්මානයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved