නීතියට පටහැනිව ක්රියා කිරීමට කිසිවෙකුටත් ඉඩ ලබා නොදෙන බව අමාත්ය ආනන්ද විජේපාල මහතා පවසයි. හෝමාගම සිද්ධිය සම්බන්ධයෙන්ද පූර්ණ ස්වාධීන පරීක්ෂණයක් සිදු කෙරෙන බව අමාත්යවරයා අවධාරණය කර තිබේ.
මේ අතර, බන්ධනාගාර ආශ්රිත සිදුවීම් හේතුවෙන් මියගිය සහ ආබාධිත තත්ත්වයට පත්වූ පුද්ගලයන් වෙනුවෙන් ඉතිහාසයේ ලබාදුන් විශාලතම වන්දි මුදල වත්මන් රජය යටතේ ලබාදෙන බව අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
2026 සිරසර ශිල්ප ප්රදර්ශනය බත්තරමුල්ල දියත උයන පරිශ්රයේදී ආරම්භ කර තිබේ. බන්ධනාගාරගත රැඳවියන්ගේ සැඟවුණු නිර්මාණශීලී කුසලතා ජාතික මට්ටමට ගෙන ඒමේ අරමුණින් සංවිධාන කර ඇති මෙම ප්රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ සිව්වන වරටය.
දිවයිනේ සියලුම බන්ධනාගාර ආයතන නියෝජනය කරමින් ඉදිරිපත් කර ඇති අලෙවි කුටිවල ගෘහ උපකරණ, කෘෂි උපකරණ, පොහොර, ඇඳුම් පැළඳුම්, අත්කම් නිර්මාණ සහ සැරසිලි ඇතුළු නිෂ්පාදන රැසක් ප්රදර්ශනය කෙරේ.
















