එක්සත් රාජධානියේ බලධාරීන් විසින් ඇන්ඩෘ ටේට් සහ ඔහුගේ සහෝදරයා වන ට්‍රිස්ටන් ටේට් වෙත නව අපරාධ චෝදනා රැසක් ගොනු කිරීමෙන් අනතුරුව, ඔවුන් දෙදෙනා ඇමෙරිකා එක්සත් ජනපදයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
බ්‍රිතාන්‍යයේ රාජකීය නඩු පැවරීමේ සේවාව (CPS) විසින් ඇන්ඩෘ ටේට් වෙත දූෂණ චෝදනා 07ක් සහ ලිංගික ජාවාරම් කිරීම ඇතුළු බරපතල චෝදනා කිහිපයක් ගොනු කර ඇත. ට්‍රිස්ටන් ටේට් වෙත දූෂණ චෝදනා 02ක්, ලිංගික අතවර කිරීමේ චෝදනාවක් සහ ලිංගික සූරාකෑම සඳහා ජාවාරම් කිරීමේ චෝදනා 03ක් එල්ල වී තිබේ. මෙම සිදුවීම් 2010 සහ 2017 වසර අතර කාලයේදී සිදු වූ බවට චෝදනා කෙරේ.
ඇමෙරිකානු බලධාරීන් පවසන්නේ මෙම අත්අඩංගුවට ගැනීම බ්‍රිතාන්‍යය විසින් ඉල්ලා ඇති පිටුවහල් කිරීමේ නඩු කටයුතු (extradition proceedings) සඳහා සිදු වූවක් බවයි. කෙසේ වෙතත්, ටේට් සහෝදරයින්ගේ නීතිඥ කණ්ඩායම මෙම චෝදනා දේශපාලනික අරමුණු සහිතව සිදු කරන ලද ප්‍රහාරයක් ලෙස හඳුන්වමින් ඒවා ප්‍රතික්ෂේප කර තිබේ.














