ඇමරිකානු ආරක්ෂක තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආරම්භක සමාගමක් (Startup) වන ඇන්ඩියුරිල් (Anduril), සිය මූලික මහජන විකුණුම් (IPO) ක්‍රියාවලියට පෙර ඩොලර් බිලියන 5ක අරමුදල් රැස් කිරීමට සමත්ව තිබේ. මේ සමඟ සමාගමේ වෙළෙඳපොළ වටිනාකම ඩොලර් බිලියන 30.5 සිට ඩොලර් බිලියන 61 දක්වා දෙගුණයකින් ඉහළ ගොස් ඇත.
තෝර්ව් කැපිටල් (Thrive Capital) සහ ඇන්ඩ්‍රීසන් හොරොවිට්ස් (Andreessen Horowitz) යන ආයතන මෙම අරමුදල් සැපයීමේ වටයට නායකත්වය දී තිබේ. මෙම නව අරමුදල් නිෂ්පාදන කටයුතු, පර්යේෂණ සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා යෙදවීමට සමාගම බලාපොරොත්තු වෙයි. වර්ධනය වන ගෝලීය භූ-දේශපාලනික අවදානම් හමුවේ ඇමරිකානු ආරක්ෂක පද්ධති නිෂ්පාදනය පුළුල් කිරීමට ආක්‍රමණශීලී ලෙස ආයෝජනය කරන බව සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බ්‍රයන් ෂිම්ප්ෆ් (Brian Schimpf) ප්‍රකාශ කර ඇත.
ඇන්ඩියුරිල් සමාගම 2017 වසරේදී ඔකියුලස් (Oculus) හෙඩ්සෙට් එක නිපදවූ පාමර් ලකී (Palmer Luckey) විසින් ආරම්භ කරන ලද්දකි. වර්තමානයේදී මෙම සමාගම ට්‍රම්ප් පාලන සමයේ ක්‍රියාත්මක කෙරෙන ඩොලර් බිලියන 185ක “ගෝල්ඩන් ඩෝම්” (Golden Dome) මිසයිල ආරක්ෂණ පද්ධතිය සඳහා අභ්‍යවකාශ අතරමැදි පද්ධති නිපදවන සමාගම් සමූහයකට ද සම්බන්ධ වී සිටියි. මීට අමතරව, සමාගම පසුගියදා ඇමරිකානු හමුදාව සමඟ වසර 10ක් පුරා ක්‍රියාත්මක වන ඩොලර් බිලියන 20ක දැවැන්ත ගිවිසුමකට ද අත්සන් තබා තිබේ.
ලොක්හීඩ් මාර්ටින් (Lockheed Martin) සහ නෝත්‍රොප් ග්‍රම්මන් (Northrop Grumman) වැනි සාම්ප්‍රදායික ආරක්ෂක කොන්ත්‍රාත්කරුවන්ගේ ඒකාධිකාරයට අභියෝග කරන සිලිකන් නිම්නයේ ප්‍රබලතම සමාගමක් ලෙස ඇන්ඩියුරිල් හඳුනා ගැනේ.














