හෙරොයින් ග්‍රෑම් 36ක් සහ රුපියල් අටලක්ෂ හැත්තෑ පන්දහස් පන්සිය පනහක මුදලක් සන්තකයේ තබාගෙන සිටි තරුණියක් අඟුලාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රත්මලාන, ශ්‍රී ඥානේන්ද්‍ර මාවත ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය අත්අඩංගුවට ගෙන ඇත්තේ අඟුලාන පොදු ජය මාවත ප්‍රදේශයේදීය.
අඟුලාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පාමුර සංචාරයේ නිරතව සිටියදී, පොදු ජය මාවතේ පිහිටි නිවසක පිරිසක් සැකකටයුතු ලෙස රැඳී සිටිනු නිරීක්ෂණය වී තිබේ. ඒ පිළිබඳව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම තරුණිය සන්තකයේ තිබූ මත්ද්‍රව්‍ය සහ ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන මුදල් තොගය සොයාගෙන ඇත.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය මෑතකදී මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූ තැනැත්තියක බවයි. සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අඟුලාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














