අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ඩී වාට්ටුවේ රාජකාරියේ නිරතව සිටි බන්ධනාගාර නිලධාරියකුට රැඳවියකු විසින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඊ වාට්ටුවේ රඳවා සිටි හෙරොයින් ජාවාරම සම්බන්ධ සැකකරුවකු වාට්ටු අතර පිහිටි ප්‍රදේශයකට කම්බි වැටෙන් පැන යාමට උත්සාහ කිරීමේදී නිලධාරියා එය වැළැක්වීමට කටයුතු කර තිබෙනවා. එහිදී ඇති වූ බහින්බස්වීමක් අතරතුර රැඳවියා නිලධාරියාගේ වම් උරහිස ප්‍රදේශයට පහරදී ඇති බව සඳහන්.
පහරකෑමට ලක් වූ නිලධාරියා බන්ධනාගාර අධිකාරිවරයාගේ නියෝග මත වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අඟුණකොළපැලැස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.














