නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ, අක්කර පනහ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පාලම දැඩි ලෙස අබලන් වී කඩා වැටීමේ අවදානමකට ලක්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.
පාලම හරහා පවුල් 120කට වැඩි සංඛ්‍යාවකට අයත් පුද්ගලයන් 800කට අධික පිරිසක් දෛනිකව ගමන් කරන අතර, පසුගිය දිත්වා සුළි කුණාටුවෙන් පාලමට හානි සිදුවීමෙන් පසු පවතින අධික වර්ෂාවත් සමඟ එහි තත්ත්වය තවදුරටත් දරුණු වී ඇති බව සඳහන්.
පාලමේ කොටස් කඩා වැටීමත් සමඟ ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර, ජනතාවට තාවකාලිකව ලෑලි යොදා සකස් කළ මාර්ගයක් භාවිත කිරීමට සිදුව තිබෙනවා.
ගැබිනි මව්වරුන්, පාසල් දරුවන්, වයෝවෘද්ධ පුද්ගලයන් සහ හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් මෙම තත්ත්වය හේතුවෙන් දැඩි දුෂ්කරතාවකට මුහුණ දී සිටින බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.
පාලම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුවත් කළද මෙතෙක් ස්ථිර විසඳුමක් ලැබී නොමැති බවට චෝදනා කරන ප්‍රදේශවාසීන්, අනතුරක් සිදුවීමට පෙර පාලම පරීක්ෂා කර කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.














