27 April 2024
#දේශීය

රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු 02 ප්‍රකාශයට පත් කරයි

එළැඹෙන 24 සහ 25 වනදා දෙදින රජයේ කාර්යාලයන් සඳහා විශේෂ නිවාඩු දින දෙකක් ලෙස ප්‍රකාශයට පත් කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

ඒ රට තුළ පවතින කොවිඩ් 19 වෛරසය සිඝ්‍ර යෙන් ව්‍යාප්ත වීම අවම කිරීම සඳහා රජය විසින් ගෙන යන සංචරණය අවම කිරීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමේ අරමුණ හේතුවෙනි.

කෙසේ වෙතත් රජයේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වා ගැනීමට මෙයින් කිසිදු බාධාවක් නොමැති බව රජයේ නිලධාරින්ගේ මැයි මස වැටුප මැයි 21 වනදා දින ගෙවීමට කටයුතු කරන මෙන් සියළුම රජයේ ආයතනවලට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *