27 April 2024
#දේශීය

විපක්ෂයේ සිටි පමණින් පලි ගන්න එපා – මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්

බහුතර සුලු ජාතික ජනතාවක් නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායකයෙකු විපක්ෂයේ සිටි පමණින් මෙලෙස පලි නොගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවුසවේ ත්‍රස්ථවාදය වැලැක්වීමේ පණත යටතේ ආරක්ෂක ඇමතිවරයාගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැදවුම් භාරයේ සිටි අද (18) පාර්ලිමේන්තු සැසිවාරය සදහා සහභාගී වීමෙනි.

අවුරුදු විස්සක් මුළුල්ලේ ජනතාවගේ ඡන්දයෙන් පත් වී මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයෙකුව කිසිම වැරැද්දක් නොමැතිව ජනාධිපතිවරයාගේ බලය පාවිච්චි කර මාස තුනක් රැඳවුම් භාරයේ තබා ගැනීම කුමන ආකාරයකින් සාධාරණ වේ දැයි මන්ත්‍රීවරයා මෙහිදී අසා සිටියා.

දින විසි දෙකක් මුළුල්ලේ තමාව රැඳවුම් භාරයේ තබාගෙන මේ වන තෙක් එලෙස කිසිදු වාර්තාවක් අධිකරණයට හෝ නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව මන්ත්‍රීවරයා මෙහීදි පැවසුවේය. එසේම තමා යම්කිසි වැරැද්දක් කර තිබේ නම් අධිකරණයට ඉදිරිපත් කර තමාට මරණ දඬුවම වුණත් ලබා දෙන ලෙස ඔහු පැවසුවේය. එසේ නැත්නම් තමාව නිදහස් කරන්න යැයි මන්ත්‍රීවරයා තවදුරටත් හඬනගා සිටියා.

වන්නි දිස්ත්‍රික්කය නියෝජනය කරමින් හා බහුතර සුලු ජාතික ජනතාවක් නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායකයෙකු විපක්ෂයේ සිටි පමණින් මෙලෙස පලි නොගන්නා ලෙස මෙහිදී මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *