මහා විහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවයට සමගාමීව එම නිකායේ අමරපුර පාර්ශ්වයේ වාර්ෂික උපසම්පදා පිංකම පසුගියදා (16 වන දින) කළුතර බෝධි පරිශ්‍රය සමීප කළුගඟේ උදකුක්ඛේප සීමාමාලකයේදී පැවැත්විණි.අමරපුර පාර්ශ්වයේ මහානායක ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කහකොළ සුගතරතන මහානායක නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පුණ්‍යකර්මය සිදු කෙරිණි. අනුනායක දොඩන්දූවේ සිරිතර නාහිමි, නාවල විමල විහාරාධිපති අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වයේ වැඩබලන ප්‍රධාන ලේඛකාධිකාරි රාජ්‍ය උපසම්පදා පුණ්‍යකර්මයේ අමරපුර පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ශාස්ත්‍රපති බැරගම විමලධම්ම නාහිමි ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාව සඳහා වැඩම කර සිටියහ.
















