27 April 2024
#දේශීය

කරවල ආනයනය කිරීම ගැන සාකච්ඡාවක් ධීවර ඇමැතිගේ ප්‍රධානත්වයෙන්

මෙතෙක් කරවල, හාල්මැස්සන් හා උම්බලකඩ ආනයනය කිරීමට රජය විසින් පනවා තිබූ නීති ලිහිල් කරමින් මින් ඉදිරියට කරවල ආනයනය කිරීමට ආනයනකරුවන්ට අවශ්‍ය අනුමැතිය ලබා දීම සදහා විශේෂ සාකච්ඡාවක් ඊයේ (01) දින ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගේ ප්‍රධානත්වයෙන් ධිවර අමාත්‍යාංශයේදි පැවැත්විණි.

එම සාකච්ඡාව සඳහා කරවල ආනයනකරුවන්ගේ සමුපාකාර සමිතියද සහභාගී විය. මෙහිදී කරවල ආනයනකරුවන්ගේ සංගම් වල නියෝජිතයින් පෙන්වා දුන්නේ කරවල ආනයන කිරීමට ඇති බාධාවන් හේතුකොට ගෙන දැනටත් වරායේ ගෙන්වන ලද කරවල ගොඩගැසී ඇති බවත් ඒවා නිදහස් කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙසයි.

ඒ අනුව අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක හා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත යන මහත්වරුන්ට උපදෙස් දෙන ලද්දේ දැනට ආනයනය කර ඇති කරවල රේගුවෙන් නිදහස් කර ගැනීමට අවශ්‍ය අවසර ලබා දීමට කටයුතු කරන ලෙසත් ඉදිරියේදී දේ‍්ශීය කරවල නිෂ්පාදකයින්ට බාධාවත් නොවන අයුරින් ශ්‍රී ලංකාවේ නිශ්පාදනය නොකරන එහෙත් ලාංකීකයන් බහුලව පරිභෝජනය කරනු ලබන කරවල වර්ග ආනයනය කිරීමට අවශ්‍ය බලපත්‍ර ලබා දීමට කටයුතු කරන ලෙසත්ය.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේවා ප්‍රමාද නොවී ආනයන කරුවන්ට බාධා නොව ආකායෙන් ඉතා ඉක්මනින් එම කටයුතු අවසන් කර දෙන ලෙසද අදාල නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *