• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඖෂධයක් නිසා අක්ෂි රෝහලෙන් තවත් මරණයක් ගැන සැකයක් – රවි කුමුදේශ්

6 July 2023
in දේශීය

පේරාදෙනිය ළමා රෝහලේ සැකය බැහර කල ඖෂධය නිසාම, අක්ෂි රෝහලෙන් තවත් මරණයක් ගැන සැකයක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී ඇසේ ශල්‍ය කර්මයක් කළ සිට 35 හැවිරිදි කොස්ගොඩ බොරලුකැටිය දකුණ පදිංචි එච්.ජී. හිමාලි ප්‍රියදර්ශනී වීරසිංහ නමැති දෙදරු මවක් මෙලෙස මිය ගොස් ඇති බව කුමුදේශ් මහතා කියා සිටි.

එසේම මීට සති දෙකකට පමණ ඉහතදී,, පේරාදෙනිය ළමා රෝහලේ කුඩා දරුවෙකු මිය යෑමේ සිද්ද්ධියටද, ‘ඇනෙස්ට්සොල්’ නැමති මෙම සන්නාමය යටතේ ලබා දුන් ප්‍රොෆෆෝල් වර්ගයේ නිර්වින්දන ඖෂධයක් සැක සහිත බව දිගින් දිගටම පෙන්වා දුන් නමුත්, ඖෂධ නියාමන අධිකාරිය එම පැමිණිලි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ප්‍රසිද්ධියේ බැහැර කර ඇති නමුත් ඔවුන්ගේ උපදෙස් අනුව සෞඛ්‍ය ඇමතිවරයා පාර්ලිමේතුවේදී පවා ප්‍රකාශ කරමින් කියා සිටියේ එම මිය යෑමට නිර්වින්දන ඖෂධයක බලපෑමක් නොවූ බව හෙතෙම පැවසිය.

කෙසේ නමුත් අවම වශයෙන් ජීවිතයක් බිලි වීමෙන් පසුව හෝ ලැබෙන පැමිණිල්ලකට උද්දච්ච ප්‍රතිචාර නොදක්වා සංවේදී.වූවානම්, සමාන ඖෂධය යටතේ දෙවන මරණයක් පිළිබඳව වාර්ථාවීම වලක්වා ගැනීමට තිබූ බව කුමුදේශ් මහතා අවධාරණය කලේය.

ඖෂධ සහ වෘත්තීය භාවිතාවන් හේතුවෙන් සිදුවන හානී පිළිබඳව පැමිණිලි කිරීමට නිශ්චිත තැනක්, විමර්ෂණය කිරීමට කණ්ඩායමක් සහ විභාග කිරීමට නිශ්චිත යාන්ත්‍රණයක් වහා ස්ථාපිත කරන ලෙස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය කාලාන්තරයක් තිස්සේ ඉල්ලා සිටින්නේ මෙම තත්වය වලක්වා ගැනීම උදෙසා බවත් අවම තරමින් ඒ සඳහා විශේෂ කමිටිවක් පිහිටුවීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ රජයේ වගකීමක් වුවද, සියල්ල බැහර කරමින් බාල ඖෂධ ගෙන්වීම සඳහා පාර කපා ගැනීම නිසා සෞඛ්‍ය සේවාව බරපතල අනතුරුදායක තත්වයකට පත්ව ඇති බව ද ඔහු අනාවරණ කලේය. .

කෙසේ නමුත් මෙම තොරතුරු වලින් අනවශ්‍ය කලබලයකට පත් නොවන ලෙසත්, තමන්ට සැක මතුවන සෑම අවස්ථාවකදීම ඒ පිළිබඳව වෛද්‍ය සභාවට, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්ට සහ අවශ්‍ය වෙතොත් ළගම ඇති පොලිසියට පැමිණිලි කර, දියුණු සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන් සක්‍රීයව කටයුතු කරන ලෙස අප මහ ජනතාවගෙන් ඉල්ලා සිටින බව රවි කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 19
Previous Post

විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් එක්ව ජනාධිපති ශ්‍රී ලංකාවේ කඳුකරයේ විශේෂ චාරිකාවක

Next Post

රටේ ආර්ථික අර්බුධයට පාර්ලිමේන්තුවේ සියළුම මන්ත්‍රීවරුන් දායක වු බව ඇමැති ප්‍රසන්න කියයි

editor

editor

Next Post

රටේ ආර්ථික අර්බුධයට පාර්ලිමේන්තුවේ සියළුම මන්ත්‍රීවරුන් දායක වු බව ඇමැති ප්‍රසන්න කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved