• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජාතික දුම්රිය කෞතුකාගාරය නමින් තවත් හොර ජාවාරමක්

27 September 2018
in දේශීය

ජාතික දුම්රිය කෞතුකාගාරය (National Railway Museum,) ලෙස නාමකරණය කර දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් නොවන පුද්ගලික සමාගමක් මගින් ජාවාරමක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු මේ වන විටත් ක‍්‍රියාත්මක කරමින් සිටින බව සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය පවසයි.

එම සංගමය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කොළඹ මරදානේ දුම්රිය මූලස්ථානය අසල දුම්රිය ගබඩා අධිකාරි කාර්යාලය සතු ගොඩනැගිලි මේ සඳහා යොදාගෙන ඇති බවයි.

සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

මහජන බැංකුව සතු රුපියල් මිලියන 300 ක් වැයකරමින් නාවික හමුදා නිලධාරීන් යොදාගෙන ඉදිකිරීම් කටයුතු කරනු ලබන අතර, දුම්රිය දෙපාර්තමේන්තුවේ නම යොදාගෙන ලියාපදිංචි කරන ලද Railway Museum Gurantee Ltd සමාගම මෙම ජාවාරම කරගෙන යයි. මෙය සම්පූර්ණ වශයෙන්ම දුම්රිය අඥා පනතට පටහැනිව ලියාපදිංචි කරන ලද සමාගමකි.

මහජන බැංකුවේ මුදල් යනු මෙරට මහජනතාවගේ මුදල්ය. එනම් රජයේ මුදල්ය. දුම්රිය දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි හා ඉඩම් යනු රජයේ දේපලය. රජයේ මුදල් හා රජයේ දේපල යොදාගනිමින්, දුම්රිය දෙපාර්තමේන්තුවේ නම යොදාගෙන රජයේ ආයතනයක් ලෙස හඟවා අදෘෂමාන දේශපාලන බලවේගයක් මගින් මෙම පෞද්ගලික සමාගම පවත්වාගෙන යන බව ඉතා පැහැදිලිය.

Railway Museum Gurantee Ltd සමාගමේ අයිතිකරු හේමසිරි ප‍්‍රනාන්දු මහතාය. එම සමාගමට අමතරව JF ටුවර් ඇන්ඞ් ට‍්‍රැවල්ස් ලංකා සමාගම ද ඔහුට හා ඔහුගේ පුත‍්‍ර පවිත‍්‍ර ප‍්‍රනාන්දුට අයත් තවත් සමාගමකි. දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් වෛස්රෝයි (Viceroy) විශේෂ සුඛෝපභෝගි දුම්රිය, Viceroy – 2 විශේෂ සුඛෝපභෝගි මැදිරිය T-1-515 විශේෂ රේල් කාර් රථය ධාවනය කරවීම සඳහා කොන්ත‍්‍රාත් ගෙන ඇත්තේද මෙම න්‍ත්‍ ටුවර් ඇන්ඞ් ට‍්‍රැවල්ස් ලංකා සමාගමය. එමෙන්ම කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආශ‍්‍රිව ඇති “Rail Tours” කාර්යාලයද මොහු විසින් බදු ගෙන ඇත. මෙම කොන්ත‍්‍රාත් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් තුන්කෝටි පනස් ලක්‍ෂයකට අධික මුදලක් හේමසිරි ප‍්‍රනාන්දු මහතා දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවා නැත. රජයේ විගණකාධිපති විසින් සිදු කරන ලද විගණන පරීක්‍ෂණයකින් අනතුරුව මෙම මහා චංචාව හෙළිකර ගැනීමට හැකි වී ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුවට එවැනි මහා මුල්‍ය වංචාවක් කළ පුද්ගලයෙකුට දුම්රිය දෙපාර්තමේන්තුවේ නම පාවිච්චි කරමින් සමාගමක් ලියාපදිංචි කිරීමටත්, රාජ්‍ය ආයතනයක නම යොදාගෙන ජාවාරමක් කිරීමටත් මේ ආණ්ඩුව ඉඩ සලසා ඇත. පාඩු ලබමින් මහජන සේවාවක් පවත්වාගෙන දුම්රිය දෙපාර්තමේන්තුවට හානි සිදුකරන මෙවැනි ජාවාරම් කාරයින්ට තවතවත් ඉඩකඩ සලසාදීම යහපාලන ආණ්ඩුවේ කාර්යභාරය වී ඇත.

එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් කෝටි ගණනක් නොගෙවා, රාජ්‍ය මුදල් අවභාවිතා කළ සිරගත කළයුතු ජාවාරම් කාරයෙකු වන හේමසිරි ප‍්‍රනාන්දු ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස පත්කර ගැනීමත් යහපාලන ආණ්ඩු හොරුත් එක්ක හෙළුවෙන් සිටගෙන සිටන බව සනාථවීම කිරීමට තවත් උදාහරන අවශ්‍ය නැත. මේයින් පෙනී යන්නේ මහජන ආයතනයක් වන දුම්රිය දෙපාර්තමේන්තුව විනාශ කිරීම සඳහා පිඹුරුපත් සකස්කරන බවකි. පාලක මණ්ඩල පත්කර දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත්කිරීමට කටයුතු කරන්නේ ද මෙම ජාවාරම් කාරයින් හා ඒ සඳහා ඔහුන්ට ඉඩකඩ සලසන දේශපාලන බලවෙග බවද ඉතා පැහැදිලිය.

Post Views: 8
Previous Post

ඕනෑම අවස්ථාවකදී මුහුණ දීමට හමුදාව සුදානම් – යුධහමුදාපති

Next Post

ලෝක සංචාරක දිනය නිමිත්තෙන් E-Transformation mobile හඳුන්වා දෙයි

editor

editor

Next Post

ලෝක සංචාරක දිනය නිමිත්තෙන් E-Transformation mobile හඳුන්වා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved