වත්මන් රජය විසින් සිදුකරන දූෂණ විරෝධී මෙහෙයුම් කිසිදු දේශපාලන පළිගැනීමක් නොවන බවත්, ඒවා රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම උදෙසා ගනු ලබන විධිමත් හා නීත්‍යානුකූල ක්‍රියාමාර්ග බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, තමන් බලයට පත් වූ වහාම පළිගැනීම්වල නිරත වනු වෙනුවට, දූෂණ සහ අල්ලස් මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කර, විමර්ශන ආයතන ප්‍රතිසංවිධානය කරමින් ශක්තිමත් පදනමක් ගොඩනැගීමට මුල් කාලය වැය කළ බවයි.
නඩු ප්‍රමාදයන් අවම කිරීම සඳහා අලුතින් අධිකරණ හතක් ස්ථාපිත කිරීමට රජය පියවර ගත්තේ, දූෂිතයන්ට නීත්‍යානුකූලව දඬුවම් ලබාදීමේ අපේක්ෂාවෙනි. මත්ද්‍රව්‍ය ජාවාරම්, පාතාල ක්‍රියාකාරකම් සහ දූෂණයෙන් උපයාගත් ධනය අතර ඇත්තේ සමීප සම්බන්ධතාවකි. ජනතාවගේ මුදල් කොල්ලකෑ එම මුදල් ජාල හඳුනාගැනීම රජයේ ප්‍රධාන කාර්යභාරයකි. දූෂණ විරෝධී විමර්ශනවලට මැදිහත් වන නිලධාරීන්ට එරෙහිව විපක්ෂය මඩ ගැසීමේ ව්‍යාපාරයක නිරත වී ඇති අතර, ඔවුන්ගේ පණිවිඩය වන්නේ හොරකම් කිරීමට ඉඩ දෙන්න යන්න බව ජනාධිපතිවරයා චෝදනා කළේය. නීතියෙන් පලා යන අපරාධකරුවන්ට වරෙන්තු නිකුත් කර ඇති අතර, අධිකරණය හමුවේ නිර්දෝෂී බව ඔප්පු කිරීමට ඔවුන්ට අයිතියක් ඇත. නමුත්, වරෙන්තු තිබියදී විදේශයන්හි සැඟවී සිටීම දූෂිතයන්ගේ වත්මන් ස්වරූපයයි. දූෂණය සහ වංචාව මැඩපැවැත්වීම යනු පක්ෂ භේදයකින් තොරව පොදු ජනතාවගේ බලාපොරොත්තුවකි. තම රජය ජනතාවගේ එම අපේක්ෂාවට පණ පොවන ආණ්ඩුවක් බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
විමර්ශන නිලධාරීන් තම ජීවිත අවදානම පවා නොතකා සිදුකරන කැපවීම අගය කළ ජනාධිපතිවරයා, රටේ මහජන දේපල සොරකම් කළ කිසිවෙකුට හෝ නීතියේ රැහැනින් ගැලවීමට ඉඩ නොදෙන බවට සහතික විය.
















