එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා අද (16) චීනයේ ශංහයි පුඩොං ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියේය. හෙට (17) සිට 20 වැනිදා දක්වා චීනයේ ශංහයි නගරයේදී පැවැත්වෙන 2026 ලෝක කෘත්‍රිම බුද්ධි සම්මේලනයට සහ ගෝලීය කෘත්‍රිම බුද්ධි පාලනය පිළිබඳ ඉහළ මට්ටමේ සමුළුවට සහභාගී වීම ඔහුගේ මෙම සංචාරයේ අරමුණ වේ.කෘත්‍රිම බුද්ධියේ ගෝලීය පාලනය ශක්තිමත් කිරීමේ වැදගත්කම බොහෝ අවස්ථාවලදී අවධාරණය කර ඇති මහලේකම්වරයාගේ මෙම පැමිණීම වැදගත් වේ. මෑත වසරවලදී කෘත්‍රිම බුද්ධි කළමනාකරණය පිළිබඳ ගෝලීය සංවාදය සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ජාත්‍යන්තර විද්‍යාත්මක මණ්ඩලය යන යාන්ත්‍රණ දෙකක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ස්ථාපිත කර තිබේ. විවිධ රටවල් අතර සන්නිවේදනය වැඩි දියුණු කරමින් පොදු අදහස් ගොඩනැගීමට සහ සහයෝගීතාව පුළුල් කිරීමට මෙම සමුළුව වැදගත් වේදිකාවක් වනු ඇත.














