මෙම වසරේ සැප්තැම්බර් මාසය දක්වා නැවත විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව බලශක්ති, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (11) සහතික විය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ, මෝසම් වර්ෂාව ආරම්භ වීම සහ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යනු ඇතැයි පවතින අපේක්ෂාවන් මත සැප්තැම්බර් දක්වා තවත් ගාස්තු වැඩි කිරීමක අවශ්‍යතාවක් පැන නොනගින බවයි.
විදුලි බිල සියයට 18කින් ඉහළ දැමීමට සිදුවූයේ ජනන වියදම ඉහළ යාම නිසා බවත්, ඉන් ජනතාවට එල්ල වන පීඩනය අවම කිරීමට රජය ද පිරිවැයෙන් කොටසක් දරන බවත් ඔහු පෙන්වා දුන්නේය. ඉන්ධන කෝටාව ඉදිරියේදී වැඩි කිරීමට කටයුතු කළ ද, QR ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජයේ බලාපොරොත්තුවක් නොමැති බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.














