• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසර 10කට පසුයළි ඇරඹුණු පහළ මල්වතුඔය ව්‍යාපෘතියේ ප්‍රගතිය ජනපති සොයා බලයි!

29 August 2026
in දේශීය, පුවත්
වසර 10කට පසුයළි ඇරඹුණු පහළ මල්වතුඔය ව්‍යාපෘතියේ ප්‍රගතිය ජනපති සොයා බලයි!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රජරට මහා වාරි පද්ධතියට එකතු වීමට නියමිත පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සොයා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (29) එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මීට වසර 10කට පෙර ආරම්භ කර විවිධ හේතු නිසා අතරමග නතර වී තිබූ මෙම ව්‍යාපෘතිය, වත්මන් රජය යටතේ යළි ආරම්භ කරමින් 2026 වර්ෂය සඳහා රුපියල් මිලියන 5000ක ප්‍රතිපාදන වෙන් කර ඇත. සම්පූර්ණයෙන් දේශීය අරමුදල් මත ක්‍රියාත්මක වන මෙය, 2029 වසරේ අගභාගයේදී අවසන් කිරීමට නියමිතය.
උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කය සහ උතුරු පළාතේ වවුනියාව දිස්ත්‍රික්කය යා කරමින් තන්තිරිමලේ බෝගොඩදී මල්වතුඔය හරස් කර ඉදිකෙරෙන මෙම ජලාශය අක්කර අඩි 169,400ක ජල ධාරිතාවකින් යුක්ත වන අතර, ඉදිවීමෙන් පසු එය උතුරු මැද පළාතේ විශාලතම ජලාශය බවට පත්වනු ඇත. අනුරාධපුර, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල පානීය ජල ගැටලුවට විසඳුම් ලබා දීම, යල මහ දෙකන්නයේම කුඹුරු අක්කර 40,000ක් අස්වැද්දීමට පහසුකම් සැලසීම, ජල විදුලි උත්පාදනය සහ ගංවතුර පාලනය ඇතුළු බහුකාර්ය අරමුණු රැසක් මෙමගින් අපේක්ෂා කෙරේ.
මෙහිදී ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසා බැලූ ජනාධිපතිවරයා, ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වන පවුල් 315 සඳහා ඉඩමක විදුලිය හා පානීය ජල පහසුකම් සහිත නිවෙසක් ලබා දීමටත්, එම ඉඩම් සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක උස්සාන වාරිමාර්ග මඟින් සුහුරු කෘෂිකාර්මික වගාවන් සඳහා යොමු කිරීමටත් උපදෙස් දුන්නේය. කිලෝමීටර් 3.4ක ප්‍රධාන බැම්මේ ඉදිකිරීම් මේ වන විට 60%ක් පමණ අවසන් කර ඇති අතර, ඓතිහාසික තන්තිරිමලය රාජමහා විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන නාහිමියන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Post Views: 2
Previous Post

ආසියානු සෙවන්ස් රග්බි පිටියේ ශ්‍රී ලංකාව පරදා චීනයට තියුණු ජයක්!

Next Post

වාසුදේවගේ ජීවිත කතාවෙන් ඉගෙනගන්න බොහෝ දේ තියෙනවා

Editor TTV News

Editor TTV News

Next Post
වාසුදේවගේ ජීවිත කතාවෙන්  ඉගෙනගන්න බොහෝ දේ තියෙනවා

වාසුදේවගේ ජීවිත කතාවෙන් ඉගෙනගන්න බොහෝ දේ තියෙනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දේශපාලනයේ සිට රාජ්‍ය නොවන සංවිධාන දක්වා සියලු අංශවල පරිවර්තනයක් අවශ්‍යයි

දේශපාලනයේ සිට රාජ්‍ය නොවන සංවිධාන දක්වා සියලු අංශවල පරිවර්තනයක් අවශ්‍යයි

1 September 2026
මෙවර උසස් පෙළ විභාගයේ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක ලොකු අවුලක් කියා කොළඹ ගුරුවරයෙක්ගෙන් පැමිණිල්ලක්

මෙවර උසස් පෙළ විභාගයේ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක ලොකු අවුලක් කියා කොළඹ ගුරුවරයෙක්ගෙන් පැමිණිල්ලක්

1 September 2026
කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 20.38කින් පහළට

කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 20.38කින් පහළට

1 September 2026
ලැව්ගිනිවලින් දැවුණු සර්බියානු අභයභූමිය නැවත ගොඩනැඟීමට විද්‍යාඥයන්ගෙන් අලුත් සැලසුමක්

ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය රුපියල් ට්‍රිලියන 32 ඉක්මවයි

1 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

31 August 2026
හෝර්ටන් තැන්නේ  පාරිසරික ආරක්ෂාවට  දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන  සීමා කෙරෙයි

හෝර්ටන් තැන්නේ පාරිසරික ආරක්ෂාවට දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන සීමා කෙරෙයි

31 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved