දිට්වා සුළිකුණාටුව හේතුවෙන් ඇති වූ පශ්චාත් ආපදා තත්ත්වය සලකා, සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන සේවා රැසක් අත්‍යවශ්‍ය මහජන සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (28) නිකුත් කරන ලදී. 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල මත මෙම නියෝගය ක්‍රියාත්මක වේ.
විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවා. ඛනිජ තෙල් නිෂ්පාදන සහ ගෑස් ඇතුළු ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම. රෝහල්, බෙහෙත් ශාලා සහ සාත්තු නිවාස ආශ්‍රිත සියලු සේවා. මගී හෝ භාණ්ඩ ප්‍රවාහන පොදු ගමනාගමන සේවා. රාජ්‍ය මුද්‍රණාලය සහ සියලුම රාජ්‍ය මාධ්‍ය ඇතුළු දුරකතන හා විදුලි සංදේශ සේවා. ජලය සැපයීම, ජලාපවහනය සහ වාරිමාර්ග සම්බන්ධ සියලු සේවා. ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම, ආරක්ෂා කිරීම හා බෙදාහැරීම. දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරීන් ඉටු කරනු ලබන සියලුම සේවා. ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු හා රක්ෂණ සේවා. පළාත් පාලන ආයතන විසින් සිදු කරනු ලබන ගිනි නිවීමේ, ගිලන් රථ සහ කසළ ඉවත් කිරීමේ සේවා. කෘෂි සහ කෘෂි රක්ෂණ සේවා සහ පහත්බිම් ගොඩකිරීම හා සංවර්ධනය කිරීමේ සේවා.
මෙම සේවාවන්ට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සලකා, ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතාගේ අත්සනින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
















