නිදහසින් පසු මෙරට දේශපාලන ඉතිහාසය තුළ බිහිවූ බුද්ධිමත්ම සහ උතුම්ම නායකයා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බව නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි. ජන හමුවක් අමතමින් ඒ මහතා අවධාරණය කළේ, ජනාධිපතිවරයා සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ මහජනතාවගේ යහපත උදෙසා පමණක් වන අතර, රට වෙනුවෙන් ගන්නා තීරණවලදී ඔහු සිය ජීවිතය පවා අවදානමට ලක් කරමින් කටයුතු කරන බවයි.
“මාලිමාව මේ ගමන් කරන්නේ ජනතාව වෙනුවෙන් කැපවුණු ගමනක්. වත්මන් ජනාධිපතිතුමා කොතරම් බුද්ධිමත්ද, කොතරම් උතුම්ද යන්න අපට පෙනෙනවා. 1948 නිදහසින් පසු මෙවැනි බුද්ධිමත් නායකයෙකු ඔබ මීට පෙර දැක තිබේද?” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කර සිටි අතර, ජනාධිපතිවරයාගේ මෙම කැපවීම සහ දූරදර්ශී නායකත්වය රටේ අනාගතය වෙනුවෙන් ඉතා වැදගත් වන බවද හෙතෙම සඳහන් කළේය.














