රුසියාවේ චොකලට් කර්මාන්තශාලාවක රැකියා ලබාදෙන බව පවසමින් මෙරට පුද්ගලයින් පිරිසකගෙන් එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 18ත් 21ත් අතර මුදලක් ලබාගෙන, ඔවුන් එරටට යවා අතරමං කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළිදරව් වී තිබේ.
රැකියා නොමැති වීම හේතුවෙන් මේ වන විට ගොවිපළක රැඳී සිටිමින් කිසිදු මුදලක් නොමැතිව අති දුෂ්කර කාලයක් ගෙවීමට සිදුව ඇති බව අසරණ වූ එම පිරිස පවසයි. මාතර, කඹුරුපිටිය, මහනුවර, වත්තේගම, දඹුල්ල, මාවනැල්ල, කැකිරාව සහ වැලිගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් මෙලෙස රුසියාවේ අතරමං වී සිටින අතර, ඔවුන්ව රැකියාවට යොමු කළ කීර්ති වික්‍රමසිංහ නැමැති පුද්ගලයා සමඟද ඔවුන් දුරකතනයෙන් සම්බන්ධ වී ඇත. කඩිනමින් රජයේ අවධානය යොමු කර තමන්ව නැවත මෙරටට ගෙන්වා ගැනීමට හෝ නීත්‍යානුකූල වීසා සහ රැකියා ලබාදීමට මැදිහත් වන ලෙස එම ලාංකිකයින් ඉල්ලා සිටිති.














