27 April 2024
#දේශීය

අනුරාධපුර වෛද්‍යවරු සිය වැටුප් ගැටලු ගැන හිටපු ඇමැති දුමින්දට කියයි

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජිත පිරිසක් හා හිටපු අමාත්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අතර සාකච්ජාවක් පැවැත්විණි.

අනුරාධපුර පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී මෙම සාකච්ජාව පැවැත්විණි.

රට තුළ පවතින ඖෂධ අර්බුධය, පෝෂණ ගැටලු හා වෛද්‍යවරුන් රට හැර යාම සම්බන්ධයෙන් හා අසාධාරණ හා අත්තනෝමතික බදු ප්‍රථිපත්ති හේතුවෙන් වෛද්‍යවරුන් හා වෘත්තීයවේදීන් සඳහා එල්ල වී ඇති බලපෑම සම්බන්ධයෙන් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජිත වෛද්‍යවරුන් හා මන්ත්‍රීතුමන් අතර සාකච්ජාවට බඳුන් විය.

නව බදු ප්‍රථිපත්තීන් හරහා වෛද්‍යවරුන්ට වැටුපට අමතරව ලබා දෙන ඉන්ධන දීමනාවන් වැනි දීමනාවන් වැටුප ලෙස සලකා එයටද බදු අය කිරීම අසාධාරණ බවත්, 2019 වර්ෂයේ පැවති බදු ක්‍රමය නැවත ඇති කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද වෛද්‍යවරුන් එහිදී පැවසීය.

ඒ අනුව දිස්ත්‍රික්ක‌යේ සියළු රෝහල් තුළ පවතින හිඟ ඖෂධ සම්බන්ධයෙන් කඩිනමින් වාර්ථාවක් ලබා දෙන ලෙසත්, ඒ අනුව හිඟ ඖෂධ කඩිනමින් රෝහල් වලට ලබා ගැනීමට අවශ්‍යය කටයුතු සිදු කරන බවටත්, පෝෂණ ගැටලු හා වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීයවේදීන්ට නව බදු හේතුවෙන් පැණ නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් හා සෞඛ්‍ය අමාත්‍යයතුමන් සමඟ මෙන්ම පාර්ලිමේන්තුව තුලදීද සාකච්ජා කරන බවත් එහිදී දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන් පැවසීය.

 

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *