පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් 12ක් අනිද්දා (26) සිට ජූලි 02 වැනිදා දක්වා වසා තැබීමට උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.මහජනතාවගේ ආරක්ෂාව සහ රාජකාරි සඳහා පැමිණෙන පොලිස් නිලධාරීන්ගේ තාවකාලික නවාතැන් පහසුකම් සඳහා මෙම පාසල් භාවිත කිරීමට නියමිතය. ඒ අනුව අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ඉල්ලීම මත මෙම අනුමැතිය ලබා දී ඇත.අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් මධ්‍ය විද්‍යාලය, ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය, විවේකානන්ද විද්‍යාලය, වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලය, මහා බෝධි විද්‍යාලය, දේවානම්පියතිස්ස විද්‍යාලය, නිවන්තක චේතිය විද්‍යාලය සහ තන්තිරිමලය විමල ඤාණ විද්‍යාලය වේ. ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කලාපයට අයත් මිහින්තලේ මහා විදුහල, කම්මලක්කුලම විද්‍යාලය සහ මිහින්තලේ කනිෂ්ඨ විද්‍යාලය ද ඊට ඇතුළත් වේ.මීට අමතරව, පොසොන් සතිය තුළ අනුරාධපුර, තන්තිරිමලය සහ මිහින්තලය යන ප්‍රදේශවල සිද්ධස්ථාන ආශ්‍රිත සියලුම සුරාසල් වසා තැබීමට පියවර ගෙන ඇත. එසේම, පොසොන් කමිටුව සඳහන් කරන්නේ එම කාලසීමාව තුළ දිස්ත්‍රික්කය පුරා මස්කඩ සහ මාළු අලෙවිසල් ද වසා තැබෙනු ඇති බවයි.
















