සංචාරක පරාදීසයක් ලෙස සැලකෙන ඇල්ල නගරයේ සිට බල්ලකෙටුව නගරය දක්වා දිවෙන කිලෝමීටර් 4.5ක දුරින් යුත් මාර්ගය රුපියල් මිලියන 348ක වියදමින් කාපට් අතුරා සංවර්ධනය කිරීමට කටයුතු යොදා ඇත.දෙස් විදෙස් සංචාරකයින් අතර අතිශය ජනප්‍රිය මෙන්ම ස්වභාව සෞන්දර්යයෙන් අනූන මෙම මාර්ගය සංවර්ධනය කිරීම මගින් සංචාරක ක්ෂේත්‍රයට විශාල පිටුවහලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.මේ වන විට මාර්ගය පුළුල් කිරීම, බෝක්කු සහ බැමි ඉදිකිරීමේ කටයුතු සිදුවෙමින් පවතින අතර, මාස 15ක් වැනි කාලයක් තුළ මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් කිරීමට නියමිතය.
















