පොසොන් සතිය වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සහ ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන්ගේ තාවකාලික නවාතැන් පහසුකම් ලෙස යොදා ගැනීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් 12ක් අද (26) සිට ලබන ජූලි 02 වැනිදා දක්වා වසා තැබීමට උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
මෙම තීරණය සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත ලිඛිත අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව වසා තැබෙන පාසල් පහත පරිදි වේ:
අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය, විවේකානන්ද විද්‍යාලය, වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලය, මහා බෝධි විද්‍යාලය, දේවානම්පියතිස්ස විද්‍යාලය, නිවන්තක චේතිය විද්‍යාලය සහ තන්තිරිමලය විමල ඤාණ විද්‍යාලය යන පාසල් වේ.
ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කලාපයට අයත් මිහින්තලේ මහා විද්‍යාලය, කම්මලක්කුලම විද්‍යාලය සහ මිහින්තලේ කනිෂ්ඨ විද්‍යාලය යන පාසල් ද මේ අනුව වසා තැබේ.
















