27 April 2024
#දේශීය

අනුරාධපුර මිරිස් වගා කරන ගොවින් 25 ‌දෙනෙකුට උපකරණ ලබා දෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිරිස් වගා කරන ගොවින් 25 ‌දෙනෙකු සඳහා නව තාක්ෂණය ඔස්සේ මිරිස් වගා කිරීමට අවශ්‍ය උපකරණ ලබා දිම කෘෂිකර්ම, වනජීවී සහ වනසංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ හා හිටපු කෘෂිකර්හ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

තිරප්පනය පුලියන්කුළම ගම්මානයේ ගොවීන් 25 දෙනෙකු සඳහා, මෙලෙස මිරිස් වගාවට අවශ්‍යය උපකරණ ලබා දීම සිදු කෙරිණි.එම ගම්මානයේ තවත් ගොවීන් 75 දෙනෙකු සඳහා මිරිස් වගාවට අවශ්‍යය කෘෂි උපකරණ ලබා දෙන බවට එහිදී කෘෂිකර්ම අමාත්‍යයතුමන් පොරොන්දු විය.

එම ප්‍රදේශයේ සාර්ථකව වගා කරන මිරිස් වගා බිම් කිහිපයක් හා එළවලු වගා බිම් කිහිපයක්ද එහිදී කෘෂිකර්ම අමාත්‍යයතුමන්ගේ නිරීක්ෂණයට ලක් විය.

කෘමිනාශක හා රසායනික පොහොර භාවිතය අවම කර ගනිමින් 80% කාබනික වගාව, ස්වාභාවික පළිබෝධ නාශක පිළිවෙත් අනුගමනය කරමින් මෙම මිරිස් වගා කරන නිසා ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළ ද අපේ රටේ මෙම මිරිස් වගාව සඳහා ඉහල ඉල්ලුමක්ද පවතී.

අපේ රටේ ඉතාමත් සාර්ථකව මිරිස් වගා කිරීමට හැකියාව පැවතුනද අපේ රටේ මිරිස් අවශ්‍යතාවයෙන් සියයට 60කට වඩා තවමත් ආනයනය කරනු ලබයි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *