පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුරය වැඳපුදා ගැනීමට ඊයේ (26) රාත්‍රියේ දුම්රියෙන් පැමිණි වන්දනාකරුවන් දැඩි සනීපාරක්ෂක සහ සෞඛ්‍යමය අපහසුතාවකට පත් කරමින් අනුරාධපුර දුම්රිය බලධාරීන් කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
දුම්රිය ස්ථානයට ළඟා වූ මගීන්ට දුම්රිය තුළ ඇති වැසිකිළි භාවිත කිරීමට ඉඩ දී ඇත්තේ දුම්රිය නතර කර තිබූ සුළු වේලාවක පමණි. ඉන්පසුව එහි සිටි සියලුම වන්දනාකරුවන් දුම්රියෙන් පිටතට පන්නා දමා, පිටත ඇති වැසිකිළි භාවිත කරන ලෙස දුම්රිය බලධාරීන් නියෝග කර ඇත. කෙසේ වෙතත්, දැඩි අවශ්‍යතාවන්ගෙන් යුතුව බැතිමතුන් දුම්රිය ස්ථානයෙන් පිටත ඇති පොදු වැසිකිළි වෙත යන විට ඒවා සම්පූර්ණයෙන්ම වසා දමා තිබූ බව මගීන් පවසති. පොසොන් වැනි සුවිශේෂී ආගමික සමයක රටේ නන් දෙසින් එන බැතිමතුන්ගේ මූලික සනීපාරක්ෂක අවශ්‍යතා පිළිබඳව බලධාරීන් මීට වඩා අවධානය යොමු කළ යුතු බවට ජනතාව දැඩි ලෙස චෝදනා කරති.
















