අනුරාධපුර යුගයේ මුල් වකවානුවට අයත් ආරාම සංකීර්ණයක් ලෙස පුරාවිද්‍යාත්මකව හඳුනාගෙන ඇති වෙහෙරගොඩයාය පුදබිම ආශ්‍රිතව ඉදි කෙරෙන ‘කටුගස්තොට උපරතන නාහිමි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ’ ඉදිකිරීම් කටයුතු අද (24) ආරම්භ කෙරිණි.
ඇමෙරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක සහ උපරතන පාරමිතා පදනමේ සභාපති පූජ්‍ය කටුගස්තොට උපරතන ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක කටයුතු සිදු වූ අතර, උතුරු මැද පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය කඩුවාගම්මන විමලරතන ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විශාල පිරිසක් ද ඊට එක්ව සිටියහ.
උපරතන පාරමිතා පදනමේ මූල්‍ය අනුග්‍රහයෙන් ඉදි කෙරෙන මෙම මධ්‍යස්ථානය, අනාගතයේදී පුරාවිද්‍යා විෂය අධ්‍යයන මධ්‍යස්ථානයක් සහ බෞද්ධ දර්ශනය පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂිතය. ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවේදී උපරතන පාරමිතා පදනම විසින් රුපියල් ලක්ෂ 5ක මූල්‍ය පරිත්‍යාගයක් ද සිදු කර ඇත.
ඉපැරණි චෛත්‍ය කිහිපයක අවශේෂ කොටස් දැකගත හැකි වෙහෙරගොඩයාය පුදබිම, ඓතිහාසික වශයෙන් ඉමහත් වටිනාකමක් සහිත ස්ථානයක් ලෙස සැලකේ.
















