ප්‍රංශයේ Forvia සමාගමට අයත් මෝටර් රථ අභ්‍යන්තර උපාංග (Auto Interiors) නිෂ්පාදන ව්‍යාපාරය අත්පත් කර ගැනීම සඳහා ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගමක් වන Apollo Global Management ආයතනය සූදානම් වන බව බ්ලූම්බර්ග් පුවත් සේවය අද (23) වාර්තා කළේය. මෙම ගනුදෙනුවේ වටිනාකම යුරෝ බිලියන 1.4 ක්, එනම් ඇමරිකානු ඩොලර් බිලියන 1.64 ක් පමණ වනු ඇතැයි ගණන් බලා තිබේ.
Forvia සමාගමේ මෙම අංශය මගින් මෝටර් රථ සඳහා අවශ්‍ය උපකරණ පුවරු (Instrument panels), දොර පුවරු (Door panels) සහ මධ්‍යම කොන්සෝල පද්ධති (Centre console systems) නිෂ්පාදනය කරනු ලබයි. Apollo සමාගම සහ Forvia සමාගම මේ පිළිබඳව මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති වුවත්, මෙම විකිණීම හරහා Forvia සමාගම සිය ණය බර අඩු කර ගැනීමට සහ මූල්‍ය ස්ථාවරත්වය ඇති කර ගැනීමට අපේක්ෂා කරන බව වාර්තා වේ. ලෝක මෝටර් රථ උපාංග වෙළෙඳපොළ තුළ සිදුවන ප්‍රධාන පෙළේ ආයෝජනයක් ලෙස මෙය සැලකේ.














