විශ්‍රාම වැටුපකට හිමිකමක් නොමැති පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ සමාජ ආරක්ෂණය වෙනුවෙන් පවතින 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.
වර්තමාන සමාජ, ආර්ථික සහ තාක්ෂණික වෙනස්වීම්වලට අනුරූපව අරමුදලේ සාමාජිකයින් මුහුණ දෙන දුෂ්කරතා අවම කර ගනිමින් ගුණාත්මක හා කාර්යක්ෂම සේවයක් සැලසීමේ අරමුණින් මෙම සංශෝධන සිදුකෙරේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ යෝජනා ද සැලකිල්ලට ගනිමින් කම්කරු දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද මූලික කෙටුම්පත පදනම් කරගනිමින්, මෙම නව පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.














