• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුරේෂ් සලේගේ පෙත්සම සලකා බැලීම ජූලි 10 දක්වා කල් යයි

11 June 2026
in දේශීය, පුවත්
සුරේෂ් සලේගේ  පෙත්සම සලකා බැලීම  ජූලි 10 දක්වා කල් යයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීම සඳහා නිකුත් කර ඇති රැඳවුම් නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම ජූලි මස 10 වනදා දක්වා අභියාචනාධිකරණය විසින් කල් තබන ලදී.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (11) කැඳවනු ලැබීය.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අයි.එස්.අයි.එස් (ISIS) සංවිධානයේ දෘෂ්ටිවාදය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ ආකාරය සහ ශ්‍රී ලාංකිකයින් 39 දෙනෙකු සිරියාවට ගොස් ඊට සම්බන්ධ වී ඇති බව පැවසීය. මාවනැල්ල බුදු පිළිමවලට පහරදීමේ සිද්ධියේදී විදේශීය අන්තවාදී කල්ලියක මැදිහත්වීමක් ඇතැයි තොරතුරු හෙළි වුවද, එවක CID අධ්‍යක්ෂවරයාව සිටි ශානි අබේසේකර මහතා ඒ පිළිබඳ නිසි විමර්ශන සිදු නොකළ බව නීතිඥවරයා චෝදනා කළේය.
සහරාන් හෂීම් ඇතුළු අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා 97ක් සහ සැකකරුවන් 129 දෙනෙකුගේ ලැයිස්තුවක් රාජ්‍ය බුද්ධි සේවය විසින් පොලිස්පතිවරයා වෙත යොමු කර තිබියදීත්, ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න යන නිලධාරීන් එම තොරතුරු සම්බන්ධයෙන් නිසි පියවර නොගත් බව ඔහු පෙන්වා දුන්නේය. 2019 අප්‍රේල් 4 වනදා ඉන්දීය බුද්ධි අංශ මගින් පාස්කු ප්‍රහාරයක් පිළිබඳව ලබා දුන් අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන්ද වගකිවයුතු නිලධාරීන් නිසි ලෙස කටයුතු නොකළ බවත්, කිසිදු පරීක්ෂණ වාර්තාවකින් සුරේෂ් සලේ මහතා මෙම ප්‍රහාරයට සම්බන්ධ බවට අනාවරණ වී නොමැති බවත් ඔහු අවධාරණය කළේය.
හිටපු මහාධිකරණ විනිසුරු ජයකී ද අල්විස් මහත්මියගේ කමිටුව විසින් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න යන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නිර්දේශ කර තිබූ බවද පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේදී සඳහන් කළේය. ඉන් අනතුරුව පෙත්සමට අදාළ වැඩිදුර කරුණු දැක්වීම් ජුලි මස 10 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
Post Views: 4
Previous Post

වැඩිහිටි දීමනාව මාස දෙකකින් නැහැ දරුවන්ගේ විෂය නිර්දේශ සම්පූර්ණ නැහැ මන්ත්‍රී දයාසිරි ජයසේකර

Next Post

අංගොඩ ජාතික බෝ වන රෝග විද්‍යායතනයට ජාත්‍යන්තර පිළිගැනීමක් ඩෙංගු පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස නම් කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved