ළමා ලිංගික අපචාර ද්‍රව්‍ය තහනම් කරන මාර්ගෝපදේශ උල්ලංඝනය කරන අන්තර්ගතයන් තම සමාලෝචනයේදී අනාවරණය වීම හේතුවෙන්, ටෙලිග්‍රාම් (Telegram) පණිවුඩ හුවමාරු යෙදුම (App) සිය App Store එකෙන් තාවකාලිකව ඉවත් කළ බව Apple ආයතනය සඳහන් කළා.අදාළ සංවර්ධකයා විසින් එම අන්තර්ගතය වහාම ඉවත් කර එය පළ කළ පරිශීලකයා තහනම් කිරීමෙන් අනතුරුව යෙදුම නැවත සක්‍රීය කළ බව එම සමාගම වැඩිදුරටත් පැවසුවා. මේ අතර, “මගේ විනාශය පිළිබඳ වාර්තා අතිශයෝක්තියට නැංවී ඇත” යනුවෙන් ටෙලිග්‍රාම් ආයතනය X (පැරණි ට්විටර්) සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබේ. රොයිටර් පුවත් සේවය සඳහන් කළ පරිදි, මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වීම සඳහා කළ ඉල්ලීම්වලට Apple හෝ Telegram ප්‍රකාශකයන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත.














