මාලදිවයිනේ ප්‍රමුඛ පෙළේ නිර්මාණ සහ ඉදිකිරීම් සමාගමක් වන ‘වන් රියල්ටි’ (One Realty) තමලාභී ව්‍යාප්ති උපායමාර්ගයේ එක් පියවරක් ලෙස, ‘වන් රියල්ටි ලංකා (පෞද්ගලික) සමාගම’ (One Realty Lanka Private Limited) නමින් සිය ප්‍රථම ශ්‍රී ලංකා කාර්යාලය ජූලි 30 වන දින කඩවතදී නිල වශයෙන් විවෘත කරන ලදී.
දකුණු ආසියානු කලාපීය ව්‍යාප්තිය යටතේ පිහිටුවන ලද මෙම නව කාර්යාලය, සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී යාසීන් (Yaaseen), මෙහෙයුම් ප්‍රධාන නිලධාරී නිපුන නේරංජන සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී දිපුන් ක්‍රිෂාද් යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සහ ආරාධිත අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
දශක දෙකකට වැඩි කාලයක් මාලදිවයිනේ කීර්තිමත් නාමයක් දිනා ඇති මෙම සමාගම, ගෘහ නිර්මාණ ශිල්පය, ඉංජිනේරු විද්‍යාව, ඉදිකිරීම්, ව්‍යාපෘති කළමනාකරණය සහ අභ්‍යන්තර විසඳුම් (interior solutions) යන අංශවල විශේෂඥ දැනුමින් යුක්තව ශ්‍රී ලංකා වෙළඳපොළට පිවිසෙයි. නිවාස හිමියන්ට, ව්‍යාපාරිකයන්ට සහ දේපළ ආයෝජකයන්ට සැලසුම්කරණයේ සිට ඉදිකිරීම් දක්වා සියලු සේවාවන් එකම වහලක් යටින් ලබා දීම මෙහි අරමුණයි.
විදේශගතව සිටින ශ්‍රී ලංකිකයින්ට මෙරට ඉදිකිරීම් කටයුතු විශ්වාසනීය ලෙස කරගෙන යාමට පහසුකම් සැලසීම සහ ශ්‍රී ලංකාවේ වර්ධනය වන ඉදිකිරීම් ක්ෂේත්‍රයට නව්‍ය නිර්මාණ හරහා දායක වීම සමාගමේ අපේක්ෂාව වී තිබේ.














