27 April 2024
#දේශීය

2021 වර්ෂයේ 6 ශ්‍රේණියට නව පාසල්වලට ඇතුළත් වීමට අයදුම්පත් කැඳවයි

2021 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා නව පාසල් ලබාදීමට අදාළ ව අයදුම්පත් කැඳවන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ, 2020 වර්ෂයේ පවත්වන ලද 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවමින් සුදුසුකම් ලැබූ සිසුන්ට සඳහායි.

සියලු අයදුම්පත් සහ උපදෙස් පත්‍රිකා අදාළ පාසලේ විදුහල්පති මගින් ලබාගැනීමට දෙමව්පියන්ට අවස්ථාව සලසා ඇති අතර 2020-12-10 දිනට ප්‍රථම නිවැරදි ව සම්පූර්ණ කරන ලද අයදුම්පත්, දරුවන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි පාසලේ විදුහල්පතිවරයා වෙත භාරදිය යුතුය.

කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් වසා දමා ඇති සියලු ප්‍රදේශවල දරුවන්ගේ අයදුම්පත් පාසල් වෙත ගෙන්වාගැනීමට නිර්දේශිත සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙස මේ වනවිටත් අදාළ කලාප අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කර තිබේ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *