27 April 2024
#දේශීය

කොරෝනා පාලනයට කණ්ඩායමක් වශයෙන් වැඩ කරන්න සුදානම් බව රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි කියයි

කොරෝනා පාලනය කරන්න කණ්ඩායමක් ලෙස වැඩකරන්න සූදානම් බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

කො‍‍රෝනා මර්දනය කරන්න අවශ්‍යකරන සහයෝගය, තාක්ෂණික දැනුම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් සෞඛ්‍ය අමාත්‍යංශයේ සියලුදෙනාත් එකතු කරගෙන කණ්ඩායමක් ලෙස වැඩ කල යුතු බව ඇය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඇතුලු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සමග ඊයේ (04) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමිනි.

බෝනොවන රෝග සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගන්නා උත්සාහය අගය කරන බව රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී කියා සිටියේය.

මෙම සාකච්ඡාව රාජ්‍ය අමාත්‍යවරියගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවසේ පැවැති අතර වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඇතුලු වෛද්‍යවරු කණ්ඩායමක් මෙම අවස්ථාවට සහභාගීවිය.
ස්තුතියි,

Leave a comment

Your email address will not be published. Required fields are marked *