27 April 2024
#දේශීය

විශිෂ්ඨතම කර්මාන්තකරුවන් තේරීමේ තරඟාවලියට අයදුම්පත් භාර ගැනේ

ජාතික කර්මාන්ත විශිෂ්ඨ්තා සම්මාන ප්‍රදානෝත්සවය 2023 සඳහා ඉල්ලුම් කිරීමේ අයදුම්පත www.idb.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය පවසයි.

මෙය කර්මාන්ත අමාත්‍යාංශයේ මැදිහත්වීම මත ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, මෙවර කර්මාන්ත ක්ෂේත්‍ර 21ක් මූලික කර ගනිමින් උප ක්ෂේත්‍ර 66ක් ඔස්සේ පැවැත්වීමට සැලසුම් කර ඇත.

ඔබ ඕනෑම පරිමාණයක, ඕනෑම ක්ශේත්‍රයක කර්මාන්තයක හිමිකරුවෙක් හෝ කොටස් කරුවෙකු නම් මේ තරඟාවලිය සඳහා ඉල්ලුම් කල හැකි වේ.

තරඟාවලිය සඳහා අයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනය 2023 ජූලි 31 වන දින දක්වා දීර්ඝ කර ඇත.

මෙම තරඟය සඳහා ඉල්ලුම් කිරීමේ අයදුම්පත ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ වෙබ් අඩවියෙන් (www.idb.gov.lk) බා ගත කරගත හැකි වේ. තවද අයදුම් පත්‍ර ඕනෑම දිස්ත්‍රික් කාර්යාලයකින්ද ලබා ගත හැකි වේ.

මෙයට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ කර්මාන්ත කරුවන් සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කොලඹ දිස්ත්‍රික් කාර්යාලය, 98, හයි ලෙවල් ප්ලාසා ගොඩනැගිල්ල, දෙල්කඳ , නුගේගොඩ යන ලිපිනයට පැමිනීමෙන් හෝ ලිපියක් එවීමෙන් හෝ [email protected] ට ඊ මේල් පණිවිඩයක් එවීමෙන් හෝ ලබා ගත හැක. මේ පිලිබඳව වැඩි දුර විස්තර සඳහා සතියේ දිනවලදී පෙරවරු 8.30ත් පස්වරු 4.15 ත් අතර කාලයේදී 0112815009 ට අමතන්න.

Leave a comment

Your email address will not be published. Required fields are marked *