27 April 2024
#දේශීය

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා විශේෂඥ කමිටුවක් පත් කරයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා නව දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත්කර ඇති බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අද (03) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් සකස් කිරීම සඳහා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ සභාපතිත්ව දරන සාමාජිකයින් නව දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත්කර තිබේ.

එම කමිටු සාමාජිකයින් මෙසේය.

සභාපති – ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා
ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන
ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා
ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන
මහාචාර්ය නසීමා කමුර්දීන්
ආචාර්ය ඒ. සර්වේෂ්වරන්
ජනාධිපති නීතිඥ සමන්ත රත්වත්තේ
මහචාර්ය වසන්ත සෙනෙවිරත්න
මහාචාර්ය ජී.එච් පීරිස්

 

 

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *