27 April 2024
#දේශීය

විශ්වවිද්‍යාල දේශන යළි ආරම්භ කිරීම ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් ප්‍රසාදය

විශ්වවිද්‍යාල දේශන යළි ආරම්භ කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කලේ විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය සමඟ පසුගිය මාස 1,1/2 තුළ සාකච්ඡා වට කීපයක් පවත්වා එම සංගමය විසින් ඉදිරිපත් කරන ලද ගැටලු කීපයකට විසඳුම් ලබා දී ඇති බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශය උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම ආරම්භ කිරීමට මේ වන විට විභාග දෙපාර්තමේන්තුව සූදානම් බැවින් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම කඩිනමින් ආරම්භ කිරීමට ද මැදිහත් වන මෙන් විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයෙන් ඉල්ලා සිටී.

විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයට තවදුරටත් යම් ගැටලු සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් ඉදිරි ඕනෑ ම දිනක ඊට සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *