27 April 2024
#සංවර්ධන

ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට අනුමැතිය 

ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරිමට තීරණය කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව අමාත්‍යවරයා පවසයි.
සෞඛ්‍ය පර්යේෂණ, නියාමනය, සම්බන්ධීකරණය, අධීක්ෂණය, සංවර්ධනය සහ කළමණාකරණය කිරිම සදහා ජාතික මට්ටමේ සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයා බලාපොරොත්තු වෙයි. ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය පර්යේෂණ සංස්කෘතිය වැඩිදියුණු කළ යුතුය. මේ සම්බන්ධයෙන් 2003 වසරේ දී ද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතත් එය මෙතෙක් ක්‍රියාත්මක වී නොමැත.
 
නීති කෙටුම්පත් සම්පාදකවරයාගේ උපදෙස් මත සකස් කරන වත්මන් කෙටුම්පතට අනුව මෙම සභාව සදහා පත් කරනු ලබන සාමාජිකයින්ගේ සංඛ්‍යාව 05 කි. ඉදිරියේ දී පනත් කෙටුම්පත අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයා බලාපොරොත්තු වෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *