27 April 2024
#දේශීය

රනිල්ව ආයේ මාකට් කරන්න බෑ! පොරොන්දු ඉටු කරනකම් එකතු වෙන්නෙත් නෑ … – සුගත් චන්ද්‍රසේකර  

එක්සත් ජාතික පාක්ෂිකයින්ට පොරොන්දු වු දේවල් ඉටු කරන තෙක් නැවත පක්ෂයට එක්වන්නේ නැති බව හිටපු අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම්, එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බලකායේ    
හිටපු සභාපති  සුගත් චන්ද්‍රසේකර මහතා පවසයි. 
TTVnews.lk වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ පසුගිය දිනකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා මලික් සමරවීක්‍රම මහතා තමා හමු වු බවයි. 
 
එහිදී තමාට නැවත වරක් එක්සත් ජාතික පක්ෂයට එක්වන ලෙස අාරාධනා කළ බවත් එම ආරාධනාව තමා විසින් ප්‍රතික්ෂේප කළ බව ඔහු කියා සිටියේය. 
 
චන්ද්‍රසේකර මහතා අප වෙත කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින්ට වු පොරොන්දු ඉටු වන තෙක් තමා නැවත පක්ෂයට එක්වීමක් සිදු නොවු බවයි. 
 
මැතිවරණයෙන් ජය ලැබීමෙන් පසු අරලියගහ මන්දිරයට එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පොළ සංවිධායකයින් ගෙන්වා එම පුද්ගලයින්ට හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට රැකියා ලබා දෙන බවයි. නමුත් මේ වන විට ද එම පොරොන්දුව ඉටු කිරීමට එජාප නායකයාට නොහැකි වු බව චන්ද්‍ර සේකර මහතා කියා සිටියේය. 
 
මේ වන විට ජනාධිපතිවරණයක් පෙනෙන්නට ඇති අතර එක්සත් ජාතික පක්ෂයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව ඉදිරිපත් කිරීමෙන් ජයගැනීමට කිසිදු අවස්ථාවක් ඇති බව තමා නොසිත බව ද හෙතෙම කියා සිටියේය. 
 
රනිල් වික්‍රමසිංහ මහතාව මාකට් කළ හැකි දේ මේ වන විට ජනතාව තුළ වැඩක් නොමැති තත්ත්වයට පැමිණ ඇති බව ද ඔහු අනාවරණ කළේය. 
 
මිස්ටර් ක්ලින්, බුද්ධිමත් යැයි කිමෙන් දැන් මාර්කට් කිරීමට හැකිවී ඇති වන්නේ මහබැංකු බැඳුම්කර වංචාව හේතුවෙන් බව චන්ද්‍රසේකර මහතා අවධාරණය කළේය. 
 
තව ද පක්ෂයේ නායකත්වය හැකි ඉක්මනින් වෙනස් විය යුතු බවත් නව නායකයෙකුට අවස්ථාවක් ලබා දීම සිදු කළ යුතු බව ද ඔහු කියා සිටියේය.
 
සාකච්ඡා කළේ – දිලිනි සමන්මලි 
 
 

Leave a comment

Your email address will not be published. Required fields are marked *