27 April 2024
#දේශීය

අප්‍රේල් 21 පාර්ලිමේන්තුවේ ගැටුම සෙවීමට කමිටුවක්

2021 අප්‍රේල් 21 වැනි දින පාර්ලිමේන්තු සභා ගර්භයේදී සහ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී සිදු වූ සිද්ධීන් පිළිබඳව සොයා බලා ඒවාට ගත යුතු පියවර කවරේද යන්න නිර්දේශ කිරීම සඳහා නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත් කර තිබේ.

කථානායක මාධ්‍ය අංශය පැවසුවේ ඉදිරියේදී එවැනි සිද්ධීන් ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්න නිර්දේශ කිරීමද එම කමිටුවට පැවරෙන වගකීමකි.

ඊට කැබිනට් අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, කෙහෙලිය රඹුක්වැල්ල යන මහත්වරුන් ද, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ඉම්ටියාස් බාකීර් මාකාර්, ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරුන්ද ඇතුලත් බව කථානායක මහින්ද යාපා අබේඅවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද(23) නිවේදනය කළේය.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *