අරලගංවිල පොලිස් වසමේ වීරලන්ද ප්රදේශයේදී වන අලි ප්රහාරයකින් කාන්තාවක් මියගොස් ඇති බවට අරලගංවිල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මෙම සිදුවීම 2026 සැප්තැම්බර් 16 වන දින අලුයම සිදුවී ඇති අතර, මරණකාරිය වයස අවුරුදු 66 ක් වූ රුහුණුගම, අරලගංවිල ප්රදේශයේ පදිංචිකාරියකි.
මරණකාරිය තම නිවස ඉදිරිපිට සිටියදී මෙම වන අලි ප්රහාරයට ලක්ව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අරලගංවිල පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














