පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන කිසිදු හේතුවක් මත අඩාල වීමට හෝ වෙනත් අතකට හැරවීමට ඉඩ දිය නොහැකි බව අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා අවධාරණය කරයි. අද (08) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ, මොනතරම් බාධක පැමිණියද මෙම විමර්ශන කටයුතු අඛණ්ඩව සහ ස්වාධීනව කරගෙන යන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.
මෙහිදී තමන්ට එරෙහිව සුරේෂ් සලේ මහතා ගොනු කර ඇති අපහාස නඩුව සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් කළ පියතුමා, අධිකරණ පරිශ්‍රයේදී සුරේෂ් සලේ මහතා තමන් හමු වී නඩුව සමථයකට පත් කර ගැනීමට යෝජනා කළ බව පැවසීය. තමන් කළ ප්‍රකාශයෙන් සලේ මහතාගේ නම ඉවත් කරගන්නේ නම් නඩුව ඉල්ලා අස්කර ගැනීමට ඔහු සූදානමින් සිටි බවත්, එහෙත් තමන් කළ ප්‍රකාශය සත්‍යයක් බව තවමත් විශ්වාස කරන බැවින් එම “ශේප් වීමේ” යෝජනාව සෘජුවම ප්‍රතික්ෂේප කළ බවත් පියතුමා සඳහන් කළේය.
තමන්ට වන්දි ගෙවීමෙන් බේරීමට අවශ්‍යතාවක් නොමැති බවත්, පැවසූ දේ සත්‍යයක් බව ඔප්පු කිරීමට නීත්‍යානුකූලව එම නඩුවට මුහුණ දීමට සූදානම් බවත් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ. එබැවින් සලේ මහතා අත්අඩංගුවට ගැනීම හරහා මෙම අපහාස නඩුව අඩාල කිරීමට උත්සාහ කරන බවට පැතිර යන කතා පදනම් විරහිත බව ද පියතුමා අවධාරණය කළේය.
















