ලෝක සාගර දිනය යෙදෙන අද (08) දින, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සහ විවෘත විශ්වවිද්‍යාලය එක්ව සංවිධාන කළ “1 වන සමුද්‍රීය විද්‍යාව සහ තිරසාරත්වය පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය” (ICMSS 2026) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ආරම්භ විය. සාගර සම්පත් සුරැකීම සහ “නිල් ආර්ථිකය” (Blue Economy) නංවාලීම සඳහා නව රජය ක්‍රියාවට නංවා ඇති විද්‍යාත්මක වැඩපිළිවෙළ මෙහිදී ඇගයීමට ලක් විය.
මෙම සමුළුවේ සුවිශේෂීම අවස්ථාව සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිදුවන දූෂණයන් සහ පාරිසරික වෙනස්කම් නිරීක්ෂණය කිරීම සඳහා නව රජයේ පූර්ණ දායකත්වයෙන් නිර්මාණය කළ “Ocean Watch” ජංගම යෙදුම (Mobile App) අමාත්‍යවරයා අතින් එළිදැක්විණි. දේශීය හා ජාත්‍යන්තර පර්යේෂකයින් 300කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව ක්ෂේත්‍ර 8ක් ඔස්සේ පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීම මෙහිදී සිදු කෙරෙන අතර, ඉන් තෝරාගත් පත්‍රිකා ජාත්‍යන්තරව පිළිගත් ‘Web of Science’ සුචිගත සඟරාවල ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
සමුළුවට සමගාමීව, සාගර සුන්දරත්වය විදහා දැක්වූ “සොබා සෙයියා” කලා සහ ඡායාරූප ප්‍රදර්ශනයේ ජයග්‍රාහකයින්ට සහතික පත්‍ර ප්‍රදානය කිරීම ද සිදු කෙරුණි. නව රජය තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකාවේ සාගර කලාපය සුරක්ෂිත කරමින් “නිල් ආර්ථිකය” ශක්තිමත් කිරීමට තීරණාත්මක පියවර තබා ඇති බව මෙහිදී අවධාරණය කෙරිණි.
















