සිංහල ජනතාවට සිටින එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතා බවත්, තමන් දෙමළ ජාතිකයකු වුවද එම සැබෑ නායකත්වයට ගරු කරන බවත් ඔහු අවධාරණය කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ අර්චුනා රාමනාදන් කියා සිටියේ 2029 වසරේදී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති වනු ඇති බවත්, තමන් ඔහු සමඟ එක්ව මෙරට පවතින ජාතික ගැටලු සහ සිංහල-දෙමළ ජනතාව අතර පවතින ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳීමට කටයුතු කරන බවත්ය.
















