යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (ජූලි 24) පියවර ගෙන තිබේ.
කොටුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අදාළව අධිකරණයේ විභාග වන නඩුවක් සඳහා මන්ත්‍රීවරයා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.














