තමන් පාර්ලිමේන්තුවේ රැඳී සිටින්නේ තවත් සති දෙකක කාලයක් පමණක් බවත්, මෙය තමන් පාර්ලිමේන්තුවේ ගතකරන අවසන් දින කිහිපය බවත් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
තමන්ව පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ඕෂධ හේරත් මහතා විසින් අධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, මෙම නඩුව හරහා සිංහල ජනතාව ස්වාධීන මන්ත්‍රීවරුන්ට අකමැති බවට වැරදි මතයක් සමාජගත වන බවයි.















