• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තරුණ පිරිස මන්දනය කරනවාද? රටේ ප්‍රශ්ණ විසදනවාද ? – 43 සේනාංකයේ තුෂාර වීරරත්න

7 September 2022
in දේශීය

තරුණ තරුණියන් මර්දනය කරනවද? එසේ නොමැතිනම් රටේ ආර්ථික ප්‍රශ්ණවලට විසඳුම් හොයනවද යන්න 43 සේනාංකයේ කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකාරක, තරුණ අංශයේ කුරුණෑගල දිස්ත්‍රික් නියෝජිත තුෂාර වීරරත්න මහතා රජයෙන් ප්‍රශ්ණ කර සිටි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (07) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී 43 සේනාංකයේ කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකාරක, තරුණ අංශයේ කුරුණෑගල දිස්ත්‍රික් නියෝජිත තුෂාර වීරරත්න මහතා මෙසේ අදහස් පල කලේය ” “මේ අරගලය ඇති වුණේ ඇයි කියන කාරණය අපි හැමෝම කල්පනා කරන්න ඕන. පහුගිය දවසක ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහත්මයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කරන වෙලාවේ කිව්වා මේ පළවෙනි අරගලය ඇතිවෙච්ච තත්වයට වඩා වෙනස් ඊළඟ වටේ අරගලය. බඩගින්න, විශේෂයෙන්ම සාමාන්‍ය මිනිස්සුන්ට තමන්ට ජීවත් වෙන්න ආහාර වේලේ අර්බුධය ඇති වුණොත් ඇතිවෙන අරගලය ලේ වැගිරීමක් දක්වා දිවෙන්න පුළුවන් කියන. මේ තරුණ පිරිස අද අරගලයට සම්බන්ධ වීම හේතුවෙන් මර්දනය කරද්දී, අපි දකිනවා ඒ සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මේ අරගලයට සම්බන්ධ වෙච්ච අයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීම් කරනවා. සමහර විට ඒ ප්‍රශ්න කිරීම් වල කිසිම හරයක් නෑ. ඒ නිසා මේ අරගලය මර්දනය කරන්න ගියොත් මම හිතනවා ඉතාම දරුණු තත්වයකට යනවා.අපි දකිනවා සමහර සාධනීය දේවල්. පාර්ලිමේන්තු ක්‍රියාදාමය තුළ, ඉන් පිටත ඉතාමත්ම හොඳ සාධනීය තත්වයන් ඇති වෙමින් තියෙනවා. ඒ දේවල් අගය කරන අතරේ, මේ මර්දනය වහාම නතර කරලා, මිනිස්සුන්ට අදහස් දක්වන්න ඉඩදෙන්න. විශේෂයෙන්ම මේ වෙලාවේ එක්සත් ජාතීන්ගේ මානව සැසිවාරය පැවැත්වෙනවා ජිනීවා නගරයේ. මේක ලෝකයට යන්නේ වැරදි විදිහකට. මොකද අපි රටක් විදිහට මේ වැටිලා තියෙන තැනින් ඉදිරි පියවරක් අඩියක් ඉස්සරහට යන්න නම් අනිවාර්යෙන්ම අපිට ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය අවශ්‍යයි. අද විශේෂයෙන්ම යුනිසෙෆ් සංවිධානය කියනවා මන්දපෝෂණය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් අපේ රටේ තියෙනවා කියලා. ලෝකයේ මන්දපෝෂණය පිළිබඳ රටවල්වල දත්ත විශ්ලේෂණය කරද්දී ලංකාව ඉදිරියට පැමිණෙමින් තියෙනවා. ඒකේ හොඳම තත්වය ඊයේ දවසේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය දීපාල් පෙරේරා මැතිතුමා මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා “ළමයින්ගේ මන්දපෝෂණය තුරන් කරන්න පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාදෙන අභියෝගයට ළමා රෝහල මුහුණ දීලා තියෙනවා. ඔබේ සහයෝගය අවශ්‍යයි කියලා.” එතකොට අපි කල්පනා කරන්න ඕනේ මේ තරුණ තරුණියන් මර්දනය කරනවද? එහෙම නැත්නම් මේ ප්‍රශ්න වලට විසඳුම් හොයනවද කියලා.” යැයි තුෂාර වීරරත්න මහතා වැඩිදුරටත් අදහස් පල කලේය.

Post Views: 20
Previous Post

රටේ දේශපාලනය තරුණ පිරිසකට බාර දෙන්න – මන්ත්‍රී රාසමානික්කම්

Next Post

රට ආගධයට යන එක නතර කරන්න අපි රනිල්ට එක් වුනේ – ඩී.බී හේරත්

editor

editor

Next Post

රට ආගධයට යන එක නතර කරන්න අපි රනිල්ට එක් වුනේ - ඩී.බී හේරත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved