• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උදයංග එක්ක සම්මුඛ සාකච්ඡා කල අය නිරෝධායනය වන්නේ නැද්ද?

6 January 2021
in දේශීය

මෙරට සංචාරක ව්‍යාපාරය නගා සිටුවීමේ අරමුණින් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා විසින් මෙරටට යුක්රේනු ජාතිකයින් හට සංචාරය සඳහා රැගෙන ඒමට මුලිකත්වය ලබාදුන්නේය.

එම සංචාරයේදී යම් යම් අඩුපාඩු හා එහිදී මෙරට කොරෝනා නීතිය සම්බන්ධයෙන් වු කරුණු පිලිබඳ මාධ්‍ය මගින් පසුගියදා ප්‍රචාරණය වුයේය.

මෙම සංචාරකයින් පැමිණිමට පෙර සෞඛ්‍ය අංශ මගින් දන්වා සිටියෙ ඔවුන් සමීපව ආශ්‍රිය කරනු ලබන පුද්ගලයින් දින 14 ක් නිරෝධායන විය යුතු බවයි. නමුත් මෙම සංචාරය කටයුතු මුලිකව සිදු කරනුයේ උදයංග විරතුංගයයි. ඔහු පසුගිය දින කිහිපයේම යුක්රේන ජාතිකයින් හා සමීපව කටයුතු කලබව දැක ගන්නට හැකිවිය.

එසේ කෙසේ තිබියදී මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති අවස්ථාවක මෙරට රුපවාහිනි නාලිකාවක් හා යුටියුබ් නාලිකාවක් විසින් උදයංග වීරතුංග සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වා තිබෙනවා. මෙගින් ගම්‍ය වන්නෙ උදයංග විරතුංග නිරෝධායනය නොවිය යුතු පුද්ගලයෙකු යැයි එම නාලිකා විසින් තහවුරු කිරිමක් නොවේද?

කෙසේ වෙතත් අදාළ සම්මුඛ සාකච්ඡා පැවැත්වු ඩිලාන් මායාදුන්නෙ හා චමුදිත සමරවීක්‍රම යන අයට කොරෝනා නීතිය බලපාන්නේ නැතිද? එසේම එම නාලිකාවල කටයුතු කරන ලද පිරිස්ද නිරෝධායනයට ලක්විය යුතු නොවේද? සෞඛ්‍ය අංශ විසින මේ සම්බන්දයෙන් අවධානය යොමු කල යුතු නොවේද? මාධ්‍ය යැයි පැවසු පරිදි තමන්ට සිතු සිතු ආකාරයට කොරෝනා නීති වෙනස් කිරීමේ හැකියාවක් තිබේද?

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ සම්බන්දයෙන් අවධානයක් යොමු කල යුතු නොවේද? පොදු ජනතාවට අදාලවන නීතිය මෙරට මාධ්‍ය නාලිකාවක් හා වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු විසින් අමු අමුවේ පොළවට දමා ගසද්දි නිහඩව බලා සිටින්නේ කුමක් නිසාද?

 

 සටහන – දිලිනි සමන්මලි 

 

 

Post Views: 5
Previous Post

කුසල්ට පොඩි නිවාඩුවක් දිය යුතුයි- ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කියයි

Next Post

රේගුවේ පොත නිසා දේශිය කර්මාන්තකරුවෝ අමරුවේ – ශ්‍රී ලංකා සෙරමික් කවුන්සලය කියයි

editor

editor

Next Post

රේගුවේ පොත නිසා දේශිය කර්මාන්තකරුවෝ අමරුවේ - ශ්‍රී ලංකා සෙරමික් කවුන්සලය කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved