27 April 2024
#ව්‍යාපාර

රේගුවේ පොත නිසා දේශිය කර්මාන්තකරුවෝ අමරුවේ – ශ්‍රී ලංකා සෙරමික් කවුන්සලය කියයි

මෙරට කර්මාන්තකරුවන්ගේ ආදායම ඉහළ දැමීමේ අරමුණුන් ජනාධිපතිවරයා විසින් මෙරටට ගෙන්වන ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ නවතා දමා ඇති බව ශ්‍රී ලංකා සෙරමික් කවුන්සලයේ සාමාජික, එස්.එච්.බී.කරුණාරත්න මහතා පවසයි.

ඊයේ (05) කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ එම තත්ත්වය මත බරපතලම කාරණය වන්නේ රටේ අපනයන ආදායම ඩොලර් බිලියන 11 පමණ වන අතර ආනයනය සඳහා බිලියන 21 ක් වනබවයි. එහි වෙලෙද පරතරය වන ඩොලර් බිලියන 10පියවන්නේ සංචාරක කර්මාන්තය සහ විදේශිය සේවයේ යෙදී සිටින ශ්‍රමිකයන්ගෙනුයි.
කරුණාරත්න මහතා එහිදී කියා සිටියේ මෙරට පලවෙනි කර්මාන්ත විප්ලවය ඇති කරනු ලැබුවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය බවයි. ඒ අනුව සෙරමික්, ලංකා තුනි ලැලී, සීලොන් ග්ලාස්, ලංකා කඩදාසි, ලංකා වානේ සංස්ථාව, ලංකා සිමෙන්ති ආදි වශයෙන් අති විශාල කර්මාන්ත පෙලක් මෙරටට දායක කල බවයි.

කෙසේ වෙතත් මෙරට දෙවන කර්මාන්ත විප්ලවයයි බව මෙය හදුන්වන කරුනාරත්න මහතා කියා සිටින්නේ මේ වන විට ටයිල් සහ සනිපාරක්ෂක භාණ්ඩ විශාල වශයෙන් නිෂ්පාදනය කරන බවයි. ඒ අනුව රජයේ මෙම ගෙන ඇති ක්‍රියාමාර්ගය හේතුවෙන් මෙම සියළුම නිෂ්පාදන ආයතන ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය දැඩි ලෙස පුළුල් කරමින් පවතිනු ඇති අතර වසර අගවන විට ස්වයංපෝෂිත තත්ත්වයන් කරා රැගෙන යනු ඇත බව කරුණාරත්න මහතාගේ විශ්වාසයි.

මේ අතර බොහෝ ගැනුම්කරුවන් විසින් දේශිය දේ අගය කරමින් අලෙවිය ද පහසුවක් වී ඇති අතර හැකිනම් ඔවුනගේ වෙළෙඳ සන්නාමය ගසා දෙන ලෙසත් ඔවුන්ගේ ලාභාංශ Import හා සමානව ලැබෙන්නේ නම් ඔවුන්ට කිසිදු ගැටළුවක් පැන නගින්නේ නැති බව පවසා සිටින බව කරුණාරත්න මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

ඒ අනුව දේශිය කර්මාන්තරුවා අධෛර්යයට පත් කරනු ප්‍රධාන කරුණු සහ දේශිය ව්‍යවසායකයින් රටේ බිහිනොවීමට ඇති ප්‍රධානතම ගැටළුව වන්නේ අපගේ රේගුවේ (Srilanka Customs) තක්සේරු අංශයේ භාවිතා කරන භාණ්ඩවල තක්සේරු වටිනාකම Import වලදී බලපවත්වන ඉතා පහළ අගයක පැවතීමයි.
එය නිවැරදී කරන ලෙස විශයභාර අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද දැනුවත් කල අතර මෙතෙක් කිසිදු විසදුමක් නොලැබුණු බව එස්.එච්.බී.කරුණාරත්න මහතා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *